†SL Çricket†

Showing posts with label Wasted Talents. Show all posts

Franklyn Stephenson

★★ Wasted Talents ★★

Article 15

Franklyn Stephenson

බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලට ක්‍රීඩා නොකළ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ස්ටෙෆන්සන් හැදින්විය හැක. තුන් ඉරියව් ක්‍රීඩකයන් බහුලව සිටි 80 දශකයේ ස්ටෙෆන්සන් ක්‍රීඩා කළේය. ඉතාමත් උස දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ස්ටෙෆන්සන් වේගය ඉලිප්පීම හා දෝලනය මිශ්‍ර කරගත්  දරුණුතම වේග පන්දු යවනෙකි. ස්ටෙෆන්සන් පන්දුව යැවීමට දිව ආවේ උදාසීන ලෙසටය. මෙය දැකීමෙන්  පිතිකරුවන් ඔහුව ලේසියට ගන්න හැදුවද පන්දුව අතින් ගිලිහුන පසු පිතිකරු දෙසට එන්නේ පිතිකරු පුදුමයට පත්කරවමින්ය. ස්ටෙෆන්සන් විශිෂ්ට ලෙස loopy slower ball හැසිරුවෙකි. Beamer පන්දුවක් ලෙස ගිලිහුන ද එය ගුවනේදී පහත් වී කඩුල්ලේ යට කොටසේ වදී. (මාලිංග මෙම පන්දුව උපයෝගී කරගන්නෙකි)

මහද්වීප 4ක කණ්ඩායම් 7ක ට පළමු පෙළ තරග ක්‍රීඩා කර ඇති ස්ටෙෆන්සන් තරග 219 කදී දවාගෙන ඇති කඩුලු සංක්‍යාව 792කි. එහි සාමාන්‍ය 24.26 ක් වේ. මෙයට five wicket hauls 44ක් සහ ten wicket hauls 10ක් ද ඇතුලත් වේ. පිතුකරුවෙක් ලෙසටද දක්ෂතා දැක්වූ ස්ටෙෆන්සන් ශතක 12ක් සමග ලකුණු 8622ක් රැස් කර ඇත්තේ සාමාන්‍ය 28ක් රදවගමින්ය. ඔහුගේ ප්‍රථම ශතකය (165) රැස් කළේ Nightwatchman ලෙස පැමිණය.


මෙවන් දක්ෂතා වලින් පරිපුන් ක්‍රීඩකයෙක් කොදෙව් දුපත් වලට කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකළේ මන්ද යැයි ඔබ හිතනවා ඇති. එය සිදුවුයේ 1982 දි  දකුණු අප්‍රිකානු තහනම් සංචාර වලට සහභාගී  විම නිසා අත් වූ තරග තහනම හේතුවෙනි. දකුණු අප්‍රිකා තහනම් සංචාර එහි වාර්ගික අර්බුධ නිසා අත් වූ තරග තහනම හේතුවෙන්  1982-1990 කාලසීමාවේදී  ටෙස්ට් තරග 7කින් සමන්විත වූ තරගාවලියකි. ස්ටෙෆන්සන් මෙහිදී  World XI කණ්ඩායමට 1985 දීත් සහ තවත් තරග 3ක් ක්‍රීඩා කළේය. මෙය සිදුනොවුයේ නම් නාස්ති වූ ක්‍රීඩකයෙක් වෙනුවට අද අපිට විශිෂ්ට ක්‍රීඩකයකු ගැන කතා කිරීමට ඉඩ තිබුණි.

------------------------------------------------------------------------------------------------------------

Franklyn Stephenson

Stephenson is known as the greatest cricketer never to play cricket for West Indies. He played in 80s where all rounders ruled the world cricket. A tall Right-arm fast bowler who is fearsome as any in that era had pace, bounce and swing to intimidate batsmen.  His lazy run up arose complacency in batsmen, could only relax until the unexpected menacing delivery was delivered. He was a master of the "loopy slower ball" where batsmen ducked for cover and ball hit the base of stumps (A delivery that Malinga uses occasionally)

Stephenson played first class cricket for 7 teams over 4 continents. He has played 219 first class matches picking up 792 wickets averaging 24.26 for each with 44 five-fors and 10 ten-fors. Stephenson was a handy lower order batsman  scoring 8622 with 12 centuries at 28. His maiden century came when he batted as a night watchman which ended at 165.

Now everybody must be wondering why a guy like Stephenson who got so much talent didn't play a single test. Well it's due to his participation in the rebel tour to South Africa in 1982. Rebel tours were a series of seven test matches played between 1982 and 1990 when South Africa was banned from international cricket due to racial issues. Stephenson played for a World XI in 1985 and another 3 Rebel Tests against South Africa. Had this not happened, instead of a wasted talent there would have been an all time great for us to talk about right now.
Learn more »

Phil Jaques

★★ Wasted Talents ★★



Article 14

Phil Jaques

ෆිල් ජැක්ස් යනු ඔස්ට්‍රලියාවෙන් බිහිවුණු බොහෝ අවාසනාවන්තයින් අතරට එක් වෙන තවත් ක්‍රීඩකයෙකි. ඔහුගේ පළමුපෙළ වාර්තාව ඉතා විශිෂ්ට වේ. ලකුණු 16035 තරග 200 කට අදික සන්ක්‍යවකදී සාමාන්‍ය 48.29 ක් ශතක 44ක් ද අතුලත් වේ.


ජැක්ස් ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව 2005 දිය. ජස්ටින් ලැන්ගර් වෙනුවට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් 2007 දි ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2කදි පිට පිට ශතක 2ක් වාර්තා කිරීමට සමත් වෙනවා. 2008දී පැවති අවසාන බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී ශතකයක් රැස් කරගන්නා ජැක්ස්ට අවාසනාවන්ත ලෙස කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදුවන්නේ මැතිව් හේඩන් ගේ නැවත පැමිණීමත් සමගය. ජැක්ස් හට ඉතාමත් බරපතල පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් 2009 දි ඔස්ට්‍රලියානු ගිවිසුම අහිමිවනවා. පිලිප් හියුස් ගේ ආගමනයත් සමග ජැක්ස් ට ඔස්ට්‍රලියානු කණ්ඩායමේ ස්ථානය අහිමි වනවා.

ජැක්ස් ඔහුගේ කෙටි ටෙස්ට් ජීවිතය තුළ ලකුණු 902ක් රැස් කරගෙන ඇත්තේ ශතක  3ක් සමගින් සාමාන්‍ය 47.47ක් වැනි ඉහල අගයක රදවා ගනිමින්ය. ඔහුගේ වැඩිම ලකුණු අගය වන 150 වාර්තා කළේ කුමාර්  සංගක්කාර 192  ලබාගත් තරගයේ දීමය. අවාසනාවන්ත ලෙස වෙනත් කිසිදු ලකුණක් ඔහුගේ එකතුවට දා ගැනීමට නොහැකි විය. වරෙක ස්ටීව් වෝ පවසා සිටියේ ජැක්ස්ට මීලග ඇඩ්ම ගිල්ක්‍රිස්ට් වීමේ හැකියාව ඇති බවයි. නමුත් 2012 දී ඕස්ට්‍රේලියානු පළමු පෙළ පිටියට සමුදුන් ඔහු එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩා කිරීමට යන්න ගියේය.
--------------------------------------------------------------------------------------------------------------------------

Phil Jaques

Phil Jaques was one of the many unlucky players of Australian Cricket. He holds an impressive first class record scoring 16035 runs over 200 matches at an average of 48.29 with 44 centuries.

Jaques who made his test debut against South Africa in 2005 scored back to back centuries in 2 matches against Sri Lanka in 2007 where he came as a replacement for Justin Langer. He scored a century in the last test against West Indies in 2008 and was dropped from the side when Matthew Heyden returned to the side. He suffered a severe back problem which led to many surgeries and as a reason he lost his contract in 2009. With Phillip Hughes making his mark in that era Phillip Jaques couldn't break into the team.

In his short career as a test player he has scored 902 runs at 47.47 with 3 centuries. His highest score of 150 came in the same match where Sangakkara scored that memorable 192. Unfortunately couldn't add more to his tally. Jaques who was backed by Steve Waugh to become next Adam Gilchrist retired from Australian first class cricket in 2012 to play in English County Championship.
Learn more »

Martin Love

★★ Wasted Talents ★★

Article 13

Martin Love
වැරදි රටක වැරදි යුගයක ඉපදුනු තවත් එක් අවාසනාවන්තයෙක් වන මාර්ටින් ලව් ගේ පළමු පෙළ වාර්තාව - ලකුණු 16952 සාමාන්‍ය 49.85 ශතක 45. ඔහු නම් දරා සිටියේ අවසන් මහා තරගවල විශේෂයෙන්  දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් ලෙසයි. ශේෆිල්ඩ් ශිල්ඩ් තරගාවලියේ අවසන් තරගයේ කුයින්ස්ලන්ඩ් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කර කුවින්ස්ලන්ඩ් වෙත ඔව්න්ගේ කුලුදුල් කුසලානය ලබා දුන්නේය. මින් season 5ක ට පසුව පුරා කප් අවසන් තරගයේ ද ශතකයක් රැස් කර එහි ජයග්‍රහණයද කුවින්ස්ලන්ඩ් පිලට හිමිකර දුන්නේය.
2002 දී ලව් හට ටෙස්ට් වරම් හිමි උනි. ඒ එංගලන්තය සමග Boxing Day ටෙස්ට් තරගයේදීය. ඔහු එම තරගයේදී ලකුණු 62ක් නොදැවී ලබාගත්තේය. ටෙස්ට් තරග 5ක ට ක්‍රීඩා කර ඇති ලව් ලකුණු 233ක් සාමාන්‍ය 46.60 කදී ලබාගෙන ඇත. 2003 දී ලව් කණ්ඩායමෙන් ඉවත් කෙරුනේ ඩේමියන් මාර්ටින් කණ්ඩායමට ආවිටය. කෙතරම් අවාසනාවන්තද කියතොත් බංගලාදේශය සමග තම ප්‍රථම ශතකය රැස් කිරීමෙන් පසුව කිසිම තරගයක් ක්‍රීඩා කිරීමට ලව් ට නොහැකි විය.

අන්තර්ජාතික පිටියේ ඉඩක් නොලැබුවද දේශීය තරග බිමේ තම කුවින්ස්ලන්ඩ් පිලට ලකුණු රැස් කල ලව් එහිදී කුවින්ස්ලන්ඩ් කණ්ඩායමේ ඉහලම ලකුණු ලාබියා විය. ඔහු බිද දැමුවේ Stuart Law ගේ වාර්තාවයි. අවසන් අවදියේදී විවිධ ආබාධයන්ට ලක්වූ ලව් 2009 දි 219*ක් ගැබා පිටියේද, මෙල්බර්න් හිදී තම අවසාන ඉනිමේදි   104*  ලබාගෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.
----------------------------------------------------------------------------------------------------------------------
Martin Love
Another victim of wrong country wrong era, Martin Love's first class record reads 16952 runs at 49.85 with 45 centuries. He was known as a man for the big occasions scored 146 in Sheffield Shield final when Queensland finally won their first Sheffield Shield and another 100 five seasons later to draw the match and win Pura Cup.
Love was finally awarded the test cap in 2002 against England in the Boxing Day test and scored 62*. Love who has played 5 tests for Australia scored 233 runs at 46.60. Love was dropped from the team after his maiden century against Bangladesh in 2003 when Damien Martyn returned from injury. Yes dropped after a century.
Love continued to score runs for Queensland and surpassed Stuart Law as the highest run scorer for Queensland. Unfortunately his body took tall on his career facing many injuries in his latter ages. Martin Love finished his career on a high in 2009 scoring 219* at Gabba and 104* in his final inning at Melbourne.
Learn more »

Somachandra De Silva

★★ WASTED TALENTS ★★

Article 12

සෝමචන්ද්‍ර දි සිල්වා


ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන්නන් අතර ප්‍රමුක ස්ථානයක් හිමි දි එස් දි සිල්වා ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවන විට පසුවූයේ ක්‍රීඩකයන් විශ්‍රාම යන සමයේය. ඔහු ක්‍රීඩා කල කෙටි කාලය තුල තරග 12 කට ක්‍රීඩා කර කඩුලු 37ක් දවාගෙන ඇත. ඔහුගේ කඩුල්ලක සාමාන්‍ය 36.40 ක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කල ප්‍රථම ටෙස්ට් තරගයේ දි ඩි එස් දි සිල්වා ඩේවිඩ් ගාවර් ගේ විකට්ටුව සමග කඩුලු 3ක් බිද හෙලුවා. මින් පසුව පැවති පකිස්තානු සංචාරයේදී දක්ෂතා අතරට පැමිණෙමින් ඔහු බිදහෙලු ටෙස්ට් කඩුලු සංක්‍යාව 17කි. මෙය මෙම තරග 3නෙදී ක්‍රීඩකයකු බිදහෙලු වැඩිම කඩුලු සන්ක්යාවයි. ඔහු දෙවෙනි ෆයිසලාබඩ් තරගයේ දි විකට් 5ක් දවා ගන්නා අතර මෙය වාර්තා පොත් වලට යන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු දවාගත් ප්‍රථම විකට් 5හෙ එකතුව ලෙසයි. දුලිප් මෙන්ඩිස් ගේ අඩුව පුරවමින් මින් පසුව පැවති නවසිලන්ත තරගාවලියට නායකත්වය දෙමින් එම තරගාවලියේම අනෙක් පිතිකරුවන් අසාර්ථක වෙද්දී යට පෙලෙන් පැමිණ අගනා අර්ධ ශතක 2ක් රැස් කළා.

වේල්ස් කුමර විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන දි එස් දි සිල්වා 1966 – 1995 ත් අතර ක්‍රීඩා කල ඇති පළමු පෙළ තරග සංක්‍යාව 66කි. එහිදී ඔහු කඩුලු 241ක් බිද දමා ඇත්තේ සාමාන්‍ය 28.40ක් රදවා ගමින්ය. විකට් 5ක් ලබා ගත් අවස්ථා 15ක් ද විකට් 10ක් ලබාගත් අවස්ථා 5ක් ද එයට ඇතුලත් වේ. ඔහුගේ පළමු පෙළ වාර්තාව ඉතාමත් අනර්ග වන්නේ කඩුලු 50ක් හා 150ක් ලබාගැනීමට ඔහු ගත්තේ තරග 15ක් හා 29ක් පමණි. දි සිල්වා එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායම් වන මිඩ්ල්ටන්, ලින්ක්ල්න්ශයර් කණ්ඩායම් නියෝජනය කර ඇත.

පා දග පන්දු යවන්නන් අල්පයක් පමණක් ලොවට දායාද කල ශ්‍රී ලංකාවට ඩි එස් දි සිල්වා නැති වීම ඉමහත් පාඩුවකි. ඔහු තව දශකයක් පමා වී ඉපදුනේනම් එය මගහරවා ගන්නට තිබිණ.

--------------------------------------------------------------------------------------------------------------------------

Somachandra De Silva

One of Sri Lanka's finest leg spinners DS de Silva was really unlucky since he was aged when Sri Lanka received test status. He has 37 wickets in 12 test matches at 36.40. 

De Silva who played in Sri Lanka's inaugural Test against England in 1982 picked up 3 wickets first of them being David Gower. He made a name for himself when he picked up 17 wickets in the tour that followed against Pakistan. He finished as the highest wicket taker of the series. He took a five-wicket haul in Faisalabad which was the first five wicket haul by a Sri Lankan. De Silva also has captained Sri Lanka in 2 tests in New Zealand in the absence of Dulip Mendis. He was handy with the bat scoring 2 fifties in the same tour as captain.

An old boy of Prince of Wales, Moratuwa, De Silva who has played 66 first class matches in between 1966-1995 has picked up 241 wickets at 28.40 with 15 five fors and 5 ten fors. His first class records were impressive as he rushed to 50 wickets in 15 matches and 150 wickets in 29 matches. De Silva also played for Middleton, Lincolnshire, in Central Lancershire League.


Sri Lanka as a country not known for producing quality leg spinners, Somachandra De Silva would have been the ideal solution had he born a decade later.
Learn more »

Sylvester Clarke

★★ WASTED TALENTS ★★

Article 11

Sylvester Clarke

මොහු ඉතාමත් උස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩාකර පු වේග පන්දු යවන්නෙකි. ලෝක ප්‍රචලිත පන්දු යවන බල ඇණියක් වූ රොබට්ස්, හෝල්ඩින්ග්, ගාර්නර්, ක්රෝෆ්ට්, මාෂල් වැන්නන් ගේ සමකාලිනයෙකි. එම පන්දු යවන්නන් අතරින් භයානකම පන්දු යවන්නා වුයේ සිල්වෙස්ටර් ක්ලාර්ක් ය. පිතිකරුවන් බිරාන්ත කරන ලෝකයේ බිහිවූ පන්දු යවන්නන් ගෙන් කෙනකි. ඩේවිඩ් ගවර්, වෝ වැන්නවුන් මොහුව හදුන්වා තිබෙන්නේ ඔවුන් මුහුණ දුන් වේගවත්ම පන්දු යවන්නා ලෙසයි. සර් විවියන් රිචාර්ඩ්ස් පවසා සිටියේ ඔහුව අපහසුතාවයට පත් කල එකම පන්දු යවන්නා සිල්වෙස්ටර් ක්ලාර්ක් බවයි.
ක්ලාර්ක් ඔහුගේ වේගය උපයොගී කරමින් කෙටි පන්දු යැවීමට කවදාවත් පසුබට වුයේ නැත. දිනක් විනිසුරු ක්ලාර්ක්ට අවවාද කළේ ඕනවට වැඩිය කෙටි පන්දු යැවීම හේතුවෙනි. විනිසුරු දෙසට හැරුණු ක්ලාර්ක් පවසා සිටියේ මෙහි කාන්තාවන් ක්‍රීඩා නොකරන බවයි. ඔහුගේ කෙටි පන්දු කෙතරම් භයානකද කිවහොත් එය පිතිකරුගේ විකට්ටුවට පමණක් නෙව ඔහුගේ ජිවිතයට පවා තර්ජනයක් විය. ක්ලාර්ක්ට ඔහුටම ආවේනික වූ පන්දුවක් තිබිණ. පිට ඉන්නට ඈතින් පතිතවෙන බවුන්සර් පන්දුව පිතිකරුගේ හිස දෙසට සීම් කිරීමය.
නමුත් ඔහු ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 11ක් පමණි. එයට හේතු ලෙස අබාධ සහ අනෙක් ක්‍රීඩකයන් ගෙන් තිබු තරගය හැදින්විය හැකිය. ඔහු දකුණු අප්‍රිකානු තහනම් සංචාර වලට සහභාගී වී ක්‍රිකට් ක්‍රීඩාවෙන් නෙරපා දැමිය. ටෙස්ට් තරග 11 දි කඩුලු 42ක් සාමාන්‍ය 27.85 ක් ලබා ගැනීමට ක්ලාර්ක් සමත් විය. එය දකුණු ආසියානු මන්දගාමී තණතීරු වල විම විශේෂයි. එක්දින කඩුලු 13ක් තරග 10කදි දවාගෙන ඇත්තේ සාමාන්‍ය 18.84 ක් රදවා ගනිමින්ය. පළමුපෙළ තරග වලදී කඩුලු 942ක් සාමාන්‍ය 19.52 කඩුලු 5ක් දවාගත් අවස්ථා 59ක් හා 10ක් දවාගත් අවස්ථා 10ක් ඇත. ක්ලාර්ක් 1999 වසරේ හර්දයාබාදයක් හේතුවෙන් මිය යන විට 44 වන වියේ පසුවිය.
-------------------------------------------------------------------------------------------------------
Sylvester Clarke
A tall West Indies fast bowler who played in the same era as Roberts, Holding, Garner, Croft and Marshall was the most menacing of all these bowlers. One of the most intimidating bowlers the game has ever seen. Clarke was described by the likes of David Gower and Waugh as the fastest bowler they have ever faced and admitted by Great Sir Vivian Richards as the only bowler whom he felt uncomfortable against.
Clarke who had sheer pace was never shy of bowling bouncers. He was once warned by the umpire for bowling excessive bouncers and he turned and replied “This no ladies game man”. His bouncers were lethal which threatened not only batsmen’s wickets but also their lives. Clarke was known for bowling a unique delivery, a bouncer which pitched way outside off and came back to hit batsman on the face.
Yet he played only 11 tests mostly due to competition from his team mates and few injuries over the years. He participated in the rebel tours to South Africa and got banned from international cricket. He has picked up 42 wickets at 27.85 9 of which he played in subcontinent and 13 wickets in 10 ODIs played at 18.84. In first class cricket he has 942 wickets at 19.52 with 59 five wicket hauls and 10 ten wicket hauls. Clarke passed away at the age of 44 due to a heart-attack in 1999.
Learn more »

Brett Schultz

★★ Wasted Talents ★★

Article - 10 - Brett Schultz

Brett Schultz
බ්‍රෙට් ශුල්ට්ස් යනු පැයට සැතපුම් 90ක වේගයෙන් පන්දු යැවිය හැකි දකුණු අප්‍රිකානු වමත් වේග පන්දු යවන්නෙකි. Eastern Province ක්‍රීඩා කරමින් 1990 - 91 සිට 1992 - 93 දක්වා වූ සමයෙහි දැක් වූ දක්ෂතා හේතුවෙන් ශුල්ට්ස් හට 1992/93 ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලි සංචිතයට කැද විය. ශුල්ට්ස් තම ප්‍රථම තරගය එම සංචාරයේදීම දර්බන් හිදී ක්‍රීඩා කළා. තරග තහනමට පසු දකුණු අප්‍රිකාව ක්‍රීඩා කල ප්‍රථම තරගය වන්නේ මෙයයි.

තම දක්ෂතා අතරට පැමිණෙමින් ශුල්ට්ස් පසුව පවතී ශ්‍රී ලංකා තරගාවලියේදී දකුණු අප්‍රිකා පිල තරගාවලි ජයග්‍රහණයක් කරා ගෙන ගියා. ශ්‍රී ලංකාවේ මන්දගාමී තණතීරු වල පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලන්ටම වගේ අසහනයක් ගෙන දුන්නේ ඔහුගේ වේගය සහ ඉලිප්පීම උපයොගී කරගෙනය. ඔහු මෙම තරගාවලියේ වීරයා බවට පත් වුයේ කඩුලු 20ක් එක් කඩුල්ලකට සාමාන්‍ය 16.30 වැනි ඉතාම අඩු අගයක රදවා ගනිමින්ය.
ආබාධ හේතුවෙන් වසර 2ක් පමණ ක්‍රිකට් වලින් ඈත් වී සිටීමට ශුල්ට්ස් ට සිදුවිය. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 1995-96 නැවතත් තරග බිමට පිවිසියද එම වසරේදීම එංගලන්තය සමග ක්‍රීඩා කරන විට ඇති වූ අබාධය හේතුවෙන් නැවතත් ක්‍රීඩා කිරීමට නොහැකි විය. 1997 දී ඔස්ට්‍රලියානු ටෙස්ට් තරග මාලාවේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නැවතත් පැමිණි ශුල්ට්ස් එම තරගය ක්‍රීඩා කරන විට ඔහුගේ වේගය ඉතාමත් අඩු මට්ටමක පැවතුනි. එහේත් තම දක්ෂතා අතරට පිවිසෙමින් කඩුලු 6ක් දවා ගැනීමට ශුල්ට්ස් සමත් විය. එම වසරේම පකිස්තානු තරගාවලියේදී උරහිසේ නහරයක් පිපිරිම නිසා ශුට්ස් හට ක්‍රිකට් ක්‍රීඩාව සදහටම අතහරින්නට සිදුවිය.
ශුල්ට්ස් ඔහුගේ ඉතාමත් කෙටි ටෙස්ට් තරග ජීවිතයෙහි තරග 9 කට පමණක් ක්‍රීඩා කරමින් දවාගෙන ඇති කඩුලු සංක්‍යාව 37කි. සාමාන්‍ය 20.24. නමුත් ඔහුගේ පළමුපෙළ වාර්තාව තරමක් දිර්ගය. කඩුලු 233ක් දවාගෙන ඇත්තේ තරග 60ක් ක්‍රීඩා කරමින්ය. සාමාන්‍ය 24.40. කඩුලු 5ක් දවාගත් අවස්ථා 12කි.
----------------------------------------------------------------------------------------------------------------------------------
Brett Schultz
Brett Schultz is a South African left arm pacer who could bowl over 90mph. His impressive performance from 1990-91 to the 1992-93 season for Eastern Province earned him a place in South African national squad against India in 1992/93. Schultz made his debut in Durban in the same match. This was the first match that South Africa played after their layoff from Cricket.
Schultz then really announced himself in the tour to Sri Lanka where he steered South Africa to a series victory. Bowling on lifeless wickets in Sri Lanka Schultz surprised almost all the Sri Lankan batsmen with his sheer pace and bounce. He ended up with 20 wickets at an average of 16.30 and won the man of the series.
Schultz picked up injuries after that and was out of cricket for 2 years. He made a come back against Zimbabwe in 1995-96. He then suffered a buttock injury in the same year when playing against England. Schultz made anther come back against Australia in the Final test of the series in 1997. His pace had drastically reduced by then, yet he picked up 6 wickets in a game that Australia won. His return was shortly cut as he was finally forced to retirement when a blood vessel burst out in his left shoulder when he was playing the first test against Pakistan same year.
Schultz' in his ultra short test career extended for 9 matches has picked up 37 wickets averaging 20.24. His first class career though was much longer. In 60 matches he has picked up 233 wickets at 24.40 with 12 5 fors.
https://youtu.be/8ylTvWF4UJ4
Learn more »

Stuart Law

★★ Wasted Talents ★★

Article - 9 - Stuart Law

Stuart Law
ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ තවත් එක් අවාසනාවන්ත ක්‍රීඩකයෙකු වන Stuart Lawගේ පළමු පෙළ වාර්තාව අතිවිශිෂ්ට වේ. ඕස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්ත කණ්ඩායමට  සහ පුරවැසි භාවය ලැබීමෙන් පසු එංගලන්තයේ Essex සහ Lancashire කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරමින් ලකුණු 27080ක් සමගින් සාමාන්‍ය 50.52ක් වේ.පළමු පෙළ ශතක 79ක් ඔහු සතුය. Queensland කණ්ඩායම මුල් වතාවට Sheffield පලිහ දිනාගන්නා විටදී එම කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ  Stuart Law විසිනි.
ඕස්ට්‍රේලියානු පිතිකරණයේ ස්වර්ණමය යුගයේදී ඉපදීම ඔහුගේ අවාසනාවට හේතු විය. ඔහුට කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් තරඟ කරන්නට සිදුවුයේ Waugh, Taylor, Ponting, Langer and Damien Martyn වැනි ක්‍රීඩකයන් සමගය. 1995දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පර්ත් හිදී ටෙස්ට් වරම් දිනාගන්නා ලද Law, එම තරඟයේදී ඔහු නොදැවී ලකුණු 54ක් රැස්කළේය. ඔහුට එම අවස්ථාව හිමිවුයේද  Steve Waughට සිදුවූ අබාධයක් නිසාවෙනි.
Law තම පළමු පෙළ රිද්මය දිගටම පවත්වා ගනිමින් Queensland, Essex සහ Lancashire කණ්ඩායම් වෙනුවෙන් ලකුණු රැස් කලේ ය. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වලදී 1999 සිට 2004 දක්වා සෑම වසරකදීම ඔහු ලකුණු 1000 සීමාව පසුකර ගියේය. පළමු පෙළ තරඟ වලදී දක්ෂ ලෙස ක්‍රීඩා කලද එක්දින ජ්‍යාත්‍යන්තර තරඟ වලදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවුයේ නැත. එක්දින තරඟ 54කදි ඔහුගේ සාමාන්‍ය 27ක් ලෙස සටහන් විය. බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලැබීමෙන් පසුව ඔහුට එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකියාව තිබුනද ඔහුගේ වයස එයට එරෙහි වීය.

Law ඔස්ට්‍රේලියානු ක්‍රිකට් යුගයේ ස්වර්ණමය යුගයේදී ඉපදීම ඔහුගේ අවාසනාව විය. ඔහු වෙනත් රටකට ක්‍රීඩා කලේ නම් එදා මෙදාතුර බිහිවූ දැවැන්ත ක්‍රිකට් චරිතයක් බවට පත්වීමට හැකියාව තිබුණි.
-------------------------------------------------------------------------------
Stuart Law
Yet another unfortunate player from Australia, Stuart Law has an astonishing first class record scoring 27080 runs at 50.52 with 79 centuries playing for Queensland in Australia and after gaining citizenship of England for Essex and Lancashire. He was the first captain of Queensland to win the Sheffield Shield.
Unfortunate to be born in an era where quality batsmen were of no shortage, Law had to replace the players of Waugh's, Taylor, Ponting, Langer and Damien Martyn's calibre. He was awarded with a solitary test cap against Sri Lanka at Perth in 1995 and scored 54*. Even this chance was given to him due to an injury to Steve Waugh never to play test cricket again , left him average less.
He continued to add runs to his first class tally at a rapid pace for Queensland, Essex and Lancashire. Passed 1000 runs every English season from 1999 to 2003. Though he scored high in first class matches his poor ODI record spreading over 54 matches didn't help him gain a place in the test team. He averaged a below par 27 in those 54 games.

Even though he attained British citizenship to play for England by any chance his age didn't help him in that case. Law was Unlucky to be born in Australia in that era. Had he played for another team he could have been an all time great.
Learn more »

Callum Ferguson

★★ Wasted Talents ★★

Article 8 - Callum Ferguson

Callum Ferguson
මෑත කාලයේ සිටින තවත් අවාසනාවන්ත ක්‍රීඩකයෙක් වන Callum Ferguson ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ තවත් දක්ෂ ක්‍රීඩකයෙක් වන අතර සිය පළමු පෙළ තරඟ දිවිය ආරම්භ කරන්නේ තම මුල් තරඟ වාර දෙකේදීම දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 733ක් සහ 503ක් ලබාගනිමිනි.

Ferguson සිය එක්දින ජ්‍යාත්‍යන්තර දිවිය ආරම්භ කරන්නේ 2009දී ය. මේ වනවිට එක්දින තරඟ 30කට ක්‍රීඩා කර ඇති Ferguson එහිදී ලකුණු  663ක් ලබාගෙන ඇති අතර සාමාන්‍ය 41.43ක් ලෙස සටහන් වේ.  අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පහල පෙළ පිතිකරුවන් අතරින්  සාමාන්‍ය 40ට ඉහල සහ strike rate 85ට ඉහල රඳවාගෙන ඇති පිතිකරුවන්  අතලොස්ස අතරින් එක් පිතිකරුවෙක් ලෙස Ferguson නම් කල හැක.
Fergusonගේ පළමු පෙළ තරඟ වාර්තා ද හොද මට්ටමක පවතී. ඔහු ලකුණු  5633ක් සහ සාමාන්‍ය 38.58ක් සමගින් ශතක 11කට ද හිමිකම් කියයි. අවාසනාවකට මෙන් ඔහුගේ 2009 Champions Trophy අවසන් මහා තරඟයේදී සිදුවූ දණහිස් අබාධය නිසා ඔහුට 2009-10 සම්පුර්ණ තරඟ වාරයම අහිමි විය. එම අබාධයට පෙර ඔහු එම වර්ෂයේදී අර්ධ ශතක 5ක් රැස්කරගෙන සිටියේ ය. ඉන් පසු ඔහුට කණ්ඩායමට ඇතුල් වීමට අපහසු වුයේ දැඩි තරඟකාරීත්වය  නිසාය.
Ferguson's ගේ හැකියාවන් සුළුකොට තැකිය නොහැක. වේග පන්දු යවන්නන් හමුවේ දක්ෂ ලෙස ලකුණු රැස්කිරීමේ හැකියාව ඔහු සතුව ඇත.තවමත් 30වැනි වියේ පසුවන Ferguson's හට තවමත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වීමේ හැකියාව පවතී. ඔහුගේ පළමු පෙළ තරඟ වලදී මේ වනවිට හොඳ රිද්මයක් පවත්වාගෙන යන නිසා ඔහුට නුදුරේදී අවස්ථාවක් ලැබීමට ඉඩකඩ ඇත.
----------------------------------------------------------------------------------------------------------------------------------
Callum Ferguson
One of the unlucky players of modern days, Callum Ferguson made an impressive entry to first class cricket in Australia scoring 733 and 503 runs in his first two first-class seasons with South Australia. He made his ODI debut in 2009 and has since then played 30 ODIs scoring 663 runs at an average of 41.43. Ferguson is one of the few players in the world who have a batting average of 40+ with a strike rate of 85+ batting lower down the order.
Ferguson also holds a decent first class record scoring 5633 runs at 38.58 with 11 centuries. Unfortunately his career hit back in 2009 after suffering a serious knee injury while fielding in the 2009 Champions Trophy final, ruling him out of the entire 2009-10 season. He had scored 5 half centuries that year before he was ruled out. He struggled to break in to the team since then.
Ferguson's strength was not belligerence. He is a wonderful touch player yet managed to score at a brisk pace. Ferguson who is now 30 still has a lot of cricket left in him is backed by the likes of Mike Hussey to make a good test player. With his recent good form in first class matches let’s hope he gets a chance really soon.
Learn more »

Shane Bond

★★ Wasted Talents ★★

Article 7 - Shane Bond

Shane Bond
2000 දශකයේ මුල් භාගයේ එනම් 2003 ලෝක කුසලාන සමයේදී අපටපැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයකින් පන්දු යවන අතිදක්ෂවේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුම දැකබලා ගැනීමට හැකිවිය.Brett Lee, Shoaib Akhtar ,Mohommad Sami සහ නවසීලන්තයෙන් බිහිවූShane Bond ද ඒ අතර විය.
Shane Bondගේ අතිවිශිෂ්ට පන්දු යැවීමට හරස් වූ එකම බාධාව වුයේ ඔහුටඇතිවූ අබාධ තත්වයන් ය. වේග පන්දු යවන්නෙක්ට තිබිය යුතු සියලු හැකියාවන්  ඔහු සතුව විය. වේගය, දෝලනය, මනා පාලනය සහ ඔහුටම සුවිශේෂී වූ banana swing හැකියාවද ඔහු සතුව තිබුණි.
අවාසනාවකට මෙන් දිගින් දිගටම ඇතිවූ අබාධ තත්වයන් නිසා ඔහුට බොහෝ තරඟ අවස්ථා මගහැරී ගියේය. පිටකොන්දේ සහ දණහිස් වල ඇතිවූ අබාධ වලින් ඔහුට පුර්ණ සුවයක් අත් නොවීය. වර්ෂ 2008දි ඔහුට නවසීලන්ත ක්‍රිකට් කොන්ත්‍රාත්තුව වසර 1.5කට අහිමි විය. ඒ ඔහු Indian Cricket League (ICL) තරඟාවලිය ක්‍රීඩා කිරීමට තීරණය කල නිසාය.
වසර 2001දි ක්‍රීඩා දිවිය ආරම්භ කර 2010දි ක්‍රීඩා දිවිය අවසන් කරන විට Bond ක්‍රීඩා කර තිබුනේ එක්දින තරඟ 82ක් සහ ටෙස්ට් තරඟ 18කට පමණි. එය ඉතා කණගාටුදායක කරුණකි. අබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කලද අවස්ථාවක් ලද සැනින් Bond ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළේය. මෙම දත්ත එයට සාක්ෂි දරයි.
ටෙස්ට් දිවිය -
තරඟ - 18
කඩුලු - 87
සාමාන්‍ය - 22.09
කඩුලු 5 අවස්ථා - 5
කඩුලු 10 අවස්ථා - 1
එක්දින දිවිය -
තරඟ - 82
කඩුලු - 147
සාමාන්‍ය - 20.88
Econ - 4.28
කඩුලු 5 අවස්ථා - 4
මෑත කාලයේ බිහිවූ strike bowlers අතරින් එක් පන්දු යවන්නෙක් ලෙස bond හැඳින්විය හැක.එක්දින තරඟ වලදී strike rate 29.2ක් සහ ටෙස්ට් තරඟ වලදී strike rate 38.2 ලෙස සටහන් වී තිබීම තුලින්ම එය පැහැදිලි වේ.
එක්දින ජ්‍යාත්‍යන්තර තරඟ වලදී කඩුලු 100 සිමාව පසුකල දෙවන වේගවත්ම ක්‍රීඩකයා bond ය.(ඉනිම් 54කදි). තවත් කඩුලු 3ක් දවාගත්තේ නම් කඩුලු 150 සිමාව පසුකල දෙවනවේගවත්ම ක්‍රීඩකයා වීමට ඔහුට අවස්ථාව තිබුණි.
ඕස්ට්‍රේලියානු පිතිකරණයේ ස්වර්ණම යුගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කල පන්දු යවන්නන් අතලොස්සගෙන් එක් අයෙක් වූ bond ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දිනතරඟ 17 කදී කඩුලු 44ක් දවාගෙන ඇත. කඩුලු 5 දවාගැනීම් අවස්ථා 3ක් සහ එක් කඩුලු ත්‍රිත්වයක් දඑයට ඇතුලත් ය.
සෑමවිටම පැයට සැතපුම් 90 ඉක්මවා පන්දු යැවීමේ හැකියාව සතුවූ bondගේ වේගවත්ම පන්දුව සටහන් වන්නේ 2003 ලෝක කුසලාන තරඟාවලියේදී ය. ඒ පැයට කිලෝමීටර් 156.4ක් ලෙසිනි
----------------------------------------------------------------------------------------------------------------------------------
Shane Bond
In early 2000s specially in 2003 world cup time we were lucky to see plenty of very quick, fast bowlers who had consistently bowled over 150kmph. Brett Lee,Shoaib Akhtar,Mohommad Sami and also there were New Zealand's Shane Bond.
Bond will be remembered as much for his misfortune with injuries as for his wonderful ability. Bond had all that a fast bowler needs. Pace,seam,swing and even banana swing. But unfortunately Bond's career was plagued with injuries, chiefly recurring stress fractures of the back. He had suffered with back problems, knee injuries throughout his career and also an abdominal tear. He also lost 1.5 years of international career as his contract with New Zealand was terminated by New Zealand Cricket because he had signed a contract with the Indian Cricket League (ICL) in January 2008.
Even though he started his career in 2001 and retired in 2010 his career was just limited to 18 Tests and 82 ODIs. Which is a very unfortunate thing. Though he was in and out of the team because of injuries he performed really well whenever he got a chance. His numbers are just majestic.
Test Career -
Matches - 18
Wickets - 87
Average - 22.09
5w - 5
10w - 1
ODI Career -
Matches - 82
Wickets - 147
Average - 20.88
Econ - 4.28
5w - 4
He is one of the best strike bowlers in modern generation. ODI strike rate of 29.2 and a staggering Test strike rate of 38.2 proves that. In One Day Internationals he was the 2nd fastest to 100 ODI wickets(54 innings) and could have easily the 2nd fastest to 150 ODI wickets as well if he had taken 3 more wickets.
Bond is one of rare bowlers who consistently troubl
ed the mighty Australians in their golden era. In 17 ODIs he has taken 44 wickets against Australia with 3 five wicket hauls and also a hatrick.
Bond was capable of bowling at speeds in excess of 90 miles in regular basis. His fastest recorded delivery was clocked at 156.4 km/h against India in the 2003 World Cup.
23/6 vs Australia in 2003 WC - https://www.youtube.com/watch?v=OZz2rImpk1c
Learn more »

Sajith Fernando

★★ Wasted Talents ★★

Article 6


Sajith Fernando
සජිත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ අවාසනාවන්තම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පෙළ තරඟාවලි වලදී ලකුණු 10000 සිමාව පසුකල ක්‍රීඩකයන් තිදෙනා අතරින් එක් ක්‍රීඩකයෙක් වන සජිත් සාමාන්‍ය 38.62ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 10700 ක් රැස්කරගෙන ඇත. එයට ශතක 16ක් සහ අර්ධ ශතක 53ක්  ඇතුලත් ය. සාමාන්‍ය 23.78ක් සමගින් කඩුලු 269ක්ද ඔහුගේ වාර්තා අතර සඳහන් වේ. මෙවැනි අතිදක්ෂ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොලැබීම කණගාටුවට කරුණකි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් බිහිකළ තවත් එක අතිදක්ෂ ක්‍රීඩකයෙකු වන සජිත් පාසල් අවදියේදී ක්‍රීඩා කලේ ලොව විශිෂ්ටතම දඟ  පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමගය. සජිත් වසරේ පාසල් ක්‍රීඩකයාට හිමි සම්මානය 1992දී දිනාගන්නා ලදී. ඒ ඔහු එම වසරේදී ලකුණු 1000ක් සමගින් කඩුලු 100ක් ලබාගැනීම නිසාය. ඉන් පසුව සජිත් ශ්‍රී ලංකා 19න්  පහල කණ්ඩායම, 21න් පහල කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම යන කණ්ඩායම් වල නායකත්වය දැරුවේය.

සජිත් තම පළමු පෙළ දිවිය 1993/94දී ආරම්භ කල අතර ඉතා ඉහල දස්කම් දැක්වුව ද ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් හිමිවුයේ නැත. සජිත් දේශීය තරඟාවලි වලදී Colts සහ Tamil Union කණ්ඩායම් නියෝජනය කර ඇති අතර එංගලන්ත ප්‍රාන්ත තරඟ වලදී Middleton, Settle සහ  Werneth කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

දශක 2ක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට උත්සාහ දැරිය. 90 දශකයේදී ක්‍රීඩා දිවිය ආරම්භ කලද1996 සහ 1999 ලෝක කුසලාන සංචිත සඳහා ඔහුට අවස්ථාවක් හිමිවුයේ නැත.ඒ එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා ය.තරුණ ක්‍රීඩකයන්ට දිගින් දිගටම අවස්ථාව හිමිවූ නිසා 1999 ලෝක කුසලානයෙන් පසුවද ඔහුට අවස්ථාවක් හිමිවුයේ නැත.පළමු පෙළ ලකුණු 10000 සිමාව පසුකර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක්විය.
---------------------------------------------------------------------
Sajith Fernando

Sajith is probably the unluckiest player Sri Lanka has had. He is one of the 3 Sri Lankan first class players who have scored more than 10000 first class runs. He has scored 10700 first class runs with 16 centuries and 53 half centuries at 38.62 and picked up 269 wickets at 23.78. It is very strange for a player who has that many runs and wickets not to have played for Sri Lanka.
Sajith who is a product of St. Anthony's College, Katugastota has played alongside with Great Muttiah Muralitharan in his school days. He became the schoolboy cricketer of the year in 1992 after scoring 1,000 runs capturing 100 wickets in a season. After that Sajith went on to captain Sri Lanka Under-19, Under-21 and Sri Lanka A. He started his first class career in 1993/94 and has been ignored from the national team despite performing very well.
Sajith has played for Sri Lankan clubs like Colts and Tamil Union and England county teams like Middleton, Settle and Werneth Cricket Clubs. Sajith kept trying to break into Sri Lankan National Team for over 2 decades. He emerged as a cricketer in 90s but couldn't make it to the World Cup squads in 1996 and 1999 due to settled top order.
After that Sri Lankan selector's youth policy kept him away from the team though he was in late 20s after 1999 world cup. His record of scoring over 10000 runs and not to have played a single game for Sri Lanka could remain unbreakable.
Learn more »

Ryan Ten Doeschate

★★ Wasted Talents ★★

Article - 5 - Ryan Ten Doeschate

Ryan Ten Doeschate
Ryan Ten Doeschate මුලින්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සියලුදෙනා අතර කතාබහට ලක්වුයේ 2011 ලෝක කුසලානයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව  රැස්කළ අනර්ඝ ලකුණු 119ත් සමගය. එම ඉනිම එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට  අමතක නොවන ඉනිමක් බවට පත්විය.  Ryan Ten Doeschate 2011 ලෝක කුසලාන තරඟාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.
Ryan Ten Doeschate නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින ජ්‍යාත්‍යන්තර තරඟ 33කට ක්‍රීඩා කර ඇති අතර තරඟ 20කට වඩා ක්‍රීඩකයන් අතරින් ඉහලම  සාමාන්‍ය වන ඔහුගේ සාමාන්‍ය 67ක් ලෙස සටහන් වේ. ඔහු ලකුණු 1542ක් ලබාගෙන ඇති අතර strike rate 87.70 වැනි ඉහල අගයක පවතී. ඔහු පන්දු යැවීමෙන්ද තම කණ්ඩායම වෙනුවෙන් කඩුලු 55ක් ලබාගෙන ඇති අතර සාමාන්‍ය 24.12ක් වේ.

T20 තරඟ වලදී ද දස්කම් දක්වා ඇති Ten Doeschateගේ අන්තර්ජාතික T20 දිවියේ Strike Rate 128.91ක් ලෙස සටහන් වේ. ඔහු IPL තරඟාවලියේදී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කරමින් එහි නිත්‍ය සාමාජිකයෙක් ලෙස ක්‍රීඩා කරයි.
යුරෝපියානු පුරවැසි භාවය ලැබීමෙන් පසු Ten Doeschate එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන Essex වෙනුවෙන් මේ වනවිට ක්‍රීඩා කරයි. ඔහු පළමු පෙළ තරඟාවලි වලදී ලකුණු 6709ක් රැස්කරගෙන ඇති තර සාමාන්‍ය 46.26ක් වේ. එයට ශතක 21ක් ඇතුලත් වේ. පන්දු යැවීමෙන්ද  ඔහු කඩුලු 186ක් දවාගෙන ඇත. සාමාන්‍ය 34.12ක් ලෙස සටහන් වේ.
Ten Doeschate විසින් ICC Associate and Affiliate Player of the Year සම්මානය තුන්වරක් දිනාගන්න ලදී. ඒ 2008, 2010 සහ 2011දීය.

අවාසනාවකට මෙන් නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවන තරඟ සංඛ්‍යාව  අඩු නිසා ඔහුගේ දක්ෂතා බොහොමයක් කරලියට පිවිසුනේ නැත. Ten Doeschate ටෙස්ට් ක්‍රීඩා කරන රටක ඉපදීමට වාසනාවන්ත වුයේ නම් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටින අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට පත් වී අවසන් ය.
----------------------------------------------------------------------------------------------------------------------------------
Ryan Ten Doeschate caught the eyes of international cricket community scoring a magnificent 119 with fluent stroke play in 2011 Cricket World Cup which gave a mini heart attack to English fans. He was the only bright spot in a rather ordinary campaign for the Dutch in 2011 World Cup.
Ten Doeschate who has played 33 ODIs for Netherlands has the highest average (67) for a player who has played more than 20 matches. He has scored 1541 runs with a impressive strike rate of 87.70. 
His bowling also has come in handy for the team picking up 55 wickets at an average of 24.12. He is a very good player in the t20 format of the game with a Strike Rate of 128.91 in T20 internationals.

Ten Doeschate represented Kolkata Knight Riders in IPL and has been a regular member of the side which has a big competition for the 4 spots of international players.
Ten Doeschate was able to play county cricket due to his European Citizenship and has played for Essex ever since. He holds an impressive first class record scoring 6709 at 46.26 with 21 centuries. He also has a decent bowling record picking up 186 wickets at 34.12. Ten Doeschate won the ICC Associate and Affiliate Player of the Year Award thrice in 2008, 2010 and 2011.
Unfortunately the Dutch team doesn't play many matches so his performances go unnoticed. Had he born in a test playing nation he would have made a good all round cricketer.
Learn more »

Brad Hodge

★★ Wasted Talents ★★

Article 4 - Brad Hodge

Brad Hodge
වසර 22ක් වැනි දීර්ඝ ක්‍රීඩා දිවියකට හිමිකම් කියන Brad Hodge යනු ටෙස්ට් තරඟ 6කට පමණක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් නොවිය  යුතුව තිබුණි. එම ටෙස්ට් තරඟ 6දීත් ඔහු සාමාන්‍ය 55.88ක් ලෙස රඳවාගෙන ලකුණු 503ක් රැස් කලේ ය. එම ලකුණු 503 අතරට අනර්ඝ  ද්විත්ව ශතකයක් ද විය. ඒ දකුණු අප්‍රිකාවෙහි සිටි දක්ෂ පන්දු යවන්නන් වන Pollock,Ntini,Langeveldt සහ Nel වැනි ක්‍රීඩකයන්ට එරෙහිව ලෝකයේ වේගවත්ම තණතීරුව ලෙස නම් දරා ඇති පර්ත් හි දීය.

Hodge පළමු පෙළ තරඟ වලදී ලකුණු 17084ක් රැස් කරගෙන ඇති අතර සාමාන්‍ය 48.81ක් ලෙස සටහන් වේ. ශතක 51ක් සහ අර්ධ ශතක 64ක් එයට ඇතුලත් ය. තවද Hodge list A තරඟ වලදී ලකුණු 9127ක් රැස්කරගෙන ඇති අතර සාමාන්‍ය 43.25ක් සමගින් ශතක 29ක් ලබාගෙන ඇත. Hodge තමාගේ පළමු පෙළ දිවිය ආරම්භ කරමින් එම වර්ෂයේදී  (1993/94) ලකුණු 991ක් වාර්තා කළේය. ඔහුගේ රිද්මය ඔහු දිගටම පවත්වාගෙන ගියද ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබාගැනීමට නොහැකි විය.
Hodgeට තම ස්ථානය අහිමි වුනේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේයේ සිටි දක්ෂ ක්‍රීඩකයන් නිසා ය.90 දශකයේදී Steve Waugh,Mathew Hayden, Justin Langer,Ricky Ponting,Damien Martyn වැනි ක්‍රීඩකයන්  සහ 2000 වකවානුවේදී Mike Hussey and Michael Clarke වැනි ක්‍රීඩකයන්  නිසාය. 2008දි Hodge ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එම තරඟයේදී ඔහු ලකුණු 67ක් රැස් කළේය. ඉන් පසු Hodge ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කලේ නැත.
Hodge ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජ්‍යාත්‍යන්තර තරඟ 25කට ක්‍රීඩා කර ඇති අතර 2007දි නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 99ක් සහ 97ක් ලබාගත්තේය. එයින් නොනැවතී 2007 ලෝක කුසලානයේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව අගනා ශතකයක් වාර්තා කළේය. ඉන්පසුව ඔහුට එම තරඟාවලියේදී කිසිදු අවස්ථාවක් හිමිවුයේ නැත.දේශීය T20 තරඟාවලි වලදී දක්ෂ ලෙස ලකුණු රැස්කළ Hodge T20 ජ්‍යාත්‍යන්තර තරඟ 15කට වඩා ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත නොවිය.
---------------------------------------------------------------------------------------------
Hodge shouldn't have been a player to have played just six tests in a career extended for twenty long years. In his short stint as a test player he has scored 503 runs at an average of 55.88 which includes a magnificent double hundred against the likes of Pollock,Ntini,Langeveldt and Nel at Perth, the fastest track on earth. His first class figures of 17084 runs at 48.81 with 51 centuries and 64 half centuries speaks for himself. Hodge also has an illustrious list A record scoring 9127 runs at 43.25 with 29 centuries
.
Hodge started his first class career in a commanding way scoring 991 runs in his first season(1993/94) He continued his form throughout his career but couldn't cement his place in the team. He had lost his place in the side to the likes of Steve Waugh,Mathew Hayden,Justin Langer,Ricky Ponting,Damien Martyn in the 90s and Mike Hussey and Michael Clarke in 2000s. In 2008 Hodge played a test against West Indies and scored 67. He never played test cricket after that.

Hodge who played 25 ODIs for Australia scored a 99* and a 97* against New Zealand in 2007. He followed it up with a century against Netherlands in 2007 World Cup and didn't get a chance to play in the tournament after that. Despite piling up runs in domestic t20s he wasn't lucky enough to play more than 15 t20 internationals.
Learn more »

Join and play IPL fantasy