Franklyn Stephenson

★★ Wasted Talents ★★

Article 15

Franklyn Stephenson

බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලට ක්‍රීඩා නොකළ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ස්ටෙෆන්සන් හැදින්විය හැක. තුන් ඉරියව් ක්‍රීඩකයන් බහුලව සිටි 80 දශකයේ ස්ටෙෆන්සන් ක්‍රීඩා කළේය. ඉතාමත් උස දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ස්ටෙෆන්සන් වේගය ඉලිප්පීම හා දෝලනය මිශ්‍ර කරගත්  දරුණුතම වේග පන්දු යවනෙකි. ස්ටෙෆන්සන් පන්දුව යැවීමට දිව ආවේ උදාසීන ලෙසටය. මෙය දැකීමෙන්  පිතිකරුවන් ඔහුව ලේසියට ගන්න හැදුවද පන්දුව අතින් ගිලිහුන පසු පිතිකරු දෙසට එන්නේ පිතිකරු පුදුමයට පත්කරවමින්ය. ස්ටෙෆන්සන් විශිෂ්ට ලෙස loopy slower ball හැසිරුවෙකි. Beamer පන්දුවක් ලෙස ගිලිහුන ද එය ගුවනේදී පහත් වී කඩුල්ලේ යට කොටසේ වදී. (මාලිංග මෙම පන්දුව උපයෝගී කරගන්නෙකි)

මහද්වීප 4ක කණ්ඩායම් 7ක ට පළමු පෙළ තරග ක්‍රීඩා කර ඇති ස්ටෙෆන්සන් තරග 219 කදී දවාගෙන ඇති කඩුලු සංක්‍යාව 792කි. එහි සාමාන්‍ය 24.26 ක් වේ. මෙයට five wicket hauls 44ක් සහ ten wicket hauls 10ක් ද ඇතුලත් වේ. පිතුකරුවෙක් ලෙසටද දක්ෂතා දැක්වූ ස්ටෙෆන්සන් ශතක 12ක් සමග ලකුණු 8622ක් රැස් කර ඇත්තේ සාමාන්‍ය 28ක් රදවගමින්ය. ඔහුගේ ප්‍රථම ශතකය (165) රැස් කළේ Nightwatchman ලෙස පැමිණය.


මෙවන් දක්ෂතා වලින් පරිපුන් ක්‍රීඩකයෙක් කොදෙව් දුපත් වලට කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකළේ මන්ද යැයි ඔබ හිතනවා ඇති. එය සිදුවුයේ 1982 දි  දකුණු අප්‍රිකානු තහනම් සංචාර වලට සහභාගී  විම නිසා අත් වූ තරග තහනම හේතුවෙනි. දකුණු අප්‍රිකා තහනම් සංචාර එහි වාර්ගික අර්බුධ නිසා අත් වූ තරග තහනම හේතුවෙන්  1982-1990 කාලසීමාවේදී  ටෙස්ට් තරග 7කින් සමන්විත වූ තරගාවලියකි. ස්ටෙෆන්සන් මෙහිදී  World XI කණ්ඩායමට 1985 දීත් සහ තවත් තරග 3ක් ක්‍රීඩා කළේය. මෙය සිදුනොවුයේ නම් නාස්ති වූ ක්‍රීඩකයෙක් වෙනුවට අද අපිට විශිෂ්ට ක්‍රීඩකයකු ගැන කතා කිරීමට ඉඩ තිබුණි.

------------------------------------------------------------------------------------------------------------

Franklyn Stephenson

Stephenson is known as the greatest cricketer never to play cricket for West Indies. He played in 80s where all rounders ruled the world cricket. A tall Right-arm fast bowler who is fearsome as any in that era had pace, bounce and swing to intimidate batsmen.  His lazy run up arose complacency in batsmen, could only relax until the unexpected menacing delivery was delivered. He was a master of the "loopy slower ball" where batsmen ducked for cover and ball hit the base of stumps (A delivery that Malinga uses occasionally)

Stephenson played first class cricket for 7 teams over 4 continents. He has played 219 first class matches picking up 792 wickets averaging 24.26 for each with 44 five-fors and 10 ten-fors. Stephenson was a handy lower order batsman  scoring 8622 with 12 centuries at 28. His maiden century came when he batted as a night watchman which ended at 165.

Now everybody must be wondering why a guy like Stephenson who got so much talent didn't play a single test. Well it's due to his participation in the rebel tour to South Africa in 1982. Rebel tours were a series of seven test matches played between 1982 and 1990 when South Africa was banned from international cricket due to racial issues. Stephenson played for a World XI in 1985 and another 3 Rebel Tests against South Africa. Had this not happened, instead of a wasted talent there would have been an all time great for us to talk about right now.

0 comments:

Join and play IPL fantasy