Stuart MacGill

★★ WASTED TALENTS ★★                       

Article 1 - Stuart MacGill


Stuart MacGill යනු මෑත කාලයේ බිහිවූ අවාසනාවන්තම දඟ පන්දු යවන්නා ලෙස හැඳින්විය හැක. ක්‍රිකට් ඉතිහාසේ එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ට දඟ පන්දු ලෙස හැඳින්විය හැකි Stuart MacGillගේ පන්දු යැවීමේ strike rate (කඩුල්ලක් ලබාගැනීමට තරඟයකදී යවන පන්දු ගන්නේ සාමාන්‍ය)54ක් ලෙස සටහන් වේ.
ටෙස්ට් තරඟයකදී කඩුළු ලබා ගැනීමේ සාමාන්‍ය 5ක් ලෙස සඳහන් වන මොහු ක්‍රීඩා කර ඇත්තේ තරඟ 44ක් පමණක් වීම කණගාටුවට කරුණකි. Stuart MacGill ටෙස්ට් තරඟ
44ක දී කඩුලු 208k වැනි විශාල සංඛ්‍යාවක් ලබාගැනීම තුලින්ම ඔහුගේ හැකියාව මනාව පැහැදිලි වේ. තවද ඔහු ආසියතිකයෙකු නොවී එම කඩුලු ප්‍රමාණය ලබාගැනීම විශේෂ වේ. ඔහු අවාසනාවන්ත පන්දු යවන්නෙක් වීමට ප්‍රධානම හේතුන් වන්නේ ඔහු ඉපදුනු රට සහ ඔහු ඉපදුනු කාල වකවානුවයි. ඔහුට එසේ වන්නට හේතුව අන් කවරකුත් නොව ලොව බිහිවූ විශිෂ්ට පා දඟ පන්දු යවන්නෙකු වන Shane Warne ය.
මන්දයත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟ සඳහා ක්‍රීඩා කලේ එක් දඟ පන්දු යවන්නෙක් සහ වේග පන්දු යවන්නාක් 3ක් හෝ 4ක් සමගය. එම නිසා එම එක අවස්ථා සෑම විටම හිමි වුයේ Shane Warneහට ය. සීමිත අවස්ථා ප්‍රමාණයක් හිමිවූ Stuart MacGill එම සෑම අවස්ථාවක දීම ඉතා විශිෂ්ට ලෙස දස්කම් දැක්වීය. නමුත් ඔහුට හිමි වුයේ තරඟ 44ක් වැනි සීමිත සංඛ්‍යාවකි.
ප්‍රධාන වශයෙන් ඔහුට අවස්ථා හිමි වුයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ආසියානු සහ බටහිර ඉන්දීය කොදෙව් තරඟ වලදී දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් සමග ක්‍රීඩා කිරීමට තීරණය කල අවස්ථා වලදී සහ දඟ පන්දු යවන්නන්ට උචිත ඕස්ට්‍රේලියානු තණතීරු වන සිඩ්නි සහ ඇඩිලේඩ් ක්‍රීඩාංගන වලදී ලද අවස්ථා වලදී ය. Shane Warneගේ තහනම් ඖශධ තහනම සහ ක්‍රීඩා දිවියට සමුදීමෙන් පසුව ද අවස්ථා කිහිපයක් ඔහුට ලැබුණි.
ඔහුගේ තරඟ 44 අතරින් වැඩිම සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ය.ඒ තරඟ 16කි. ඔහු එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඉන්දියාව යන රටවල් වලදී කිසිදු තරඟයකට ක්‍රීඩා කර නොතිබීම කණගාටුවට කරුණකි.
ඔහු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැර අනෙක් සියලු ප්‍රතිවාදීන්ට එරෙහිව ඉතා හොදින් ක්‍රීඩා කර ඇති අතරශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග ඔහුගේ සාමාන්‍ය 50ට ඉහල අගයක පවතී. Shane Warne සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩා විලාසය නිසා Stuart MacGill එක් තරඟාවලියක් අසාර්ථක වුවහොත් ඔහුට ඊළඟ තරඟාවලිය නිතැතින්ම අහිමි විය. එම නිසා කිසිවිටක ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් නොවුණි. නමුත් Warne සහ MacGill එකට ක්‍රීඩා කරන ලද අවස්ථාවන් සසඳා බලන විටදී MacGill ඉදිරියෙන් සිටී.
Warne සහ MacGill එකට ක්‍රීඩා කල අවස්ථා වලදී -
Warne - කඩුලු 74ක් සමගින් සාමාන්‍ය 30.7 සහ strike rate 42ක් ලෙස සටහන් වේ.
MacGill - කඩුලු 82ක් සමගින් සාමාන්‍ය 22 සහ strike rate 42ක් ලෙස සටහන් වේ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවති තරඟයේදී ලෝක කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සුනුවිසුනු කරමින් කඩුලු 9ක් දවාගන්නා ලදී.
MacGillගේ ටෙස්ට් දිවිය
තරඟ - 44
ඉනිම් - 85
කඩුලු - 208
සාමාන්‍ය - 29.92
Strike rate - 54.00
කඩුලු 5 අවස්ථා - 12
කඩුලු 10 අවස්ථා - 02
ඔහුගේ පළමු පෙළ එක්දින තරඟ වලදී දක්ෂතා දක්වා තිබුනත් (තරඟ 107කට ක්‍රීඩා කොට කඩුලු 193ක් දවාගෙන සාමාන්‍ය 22.52ක් ලෙස සටහන්ව ඇත) එක්දින ජාත්‍යන්තර තරඟ වලදී අනෙක් දඟ පන්දු යවන්නන්ට කිසිවිටක තරඟකරුවෙක් නොවුණු අතර ඔහුගේ ක්‍රීඩා දිවිය අවසන් වන විට ඔහු ක්‍රීඩා කර තිබුනේ එක දින තරඟ 3ක් පමණි.

----------------------------------------------------------------------------------------------------------------------------------


Stuart MacGill is probably the most unluckiest spinner in modern generation. He is one of the best leg spinners in cricket history who had the best test strike rate(54) among modern day spinners.
It's hard to believe that a spinner who averages 5 wickets for a test match didn't played more than 44 test matches.Yes MacGill just played 44 test matches and taken 208 test wickets.And he is a non asian too.
The reason for this is he was born in a wrong era in wrong country. Yes its cause of Shane Warne. Because of Warnie and Australia who normally playing test with 1 spinner and 3 or 4 fast bowlers MacGill's chances were very limited. Yet he had performed very well when he got chances. But those performances were not good enough for him to play more than 44 test matches.
His chances mainly came in when Australia decided to play with 2 spinners when they have played in Asia and in West Indies. And also in Australia's spinning friendly grounds like SCG and Adelaide Oval.
Also he got few chances after Warne's retirement and when Warne serving that drug ban.
He played his most games against West Indies where he played 16 tests against them.Its a shame that he didn't played any tests in England,South Africa,New Zealand and India. He has done well against all the oppositions he had played against except India and Sri Lanka where he averaged over 50.
Because of Warne and Australia's playing style 1 series failure is enough for MacGill to miss the next series. So he was never played consistently for Australia.But when Warne and MacGill played in tandem MacGill had a better record than Warne.
When Warne and MacGill played together -
16 Matches
MacGill - 82 wickets with an average of 22 and strike rate of 42
Warne - 74 with with an average of 30 and strike rate of 57
In that Australia vs World XI game he has demolished the World Xl batting line with grabbing a 9 for in the match.
MacGill's Test Career -
Matches - 44
Innings - 85
Wickets - 208
Average - 29.02
Strike rate - 54.00
5w - 12
10w - 02
Despite having a more than decent List A Career ( 193 wickets in 107 matches at an average of 22.52 and a strike rate of 27) MacGill never considered as a serious contender for the One Day International team where he ended his career with just 3 ODIs to his name.
******************************************************************************

0 comments:

Join and play IPL fantasy