Sylvester Clarke

★★ WASTED TALENTS ★★

Article 11

Sylvester Clarke

මොහු ඉතාමත් උස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩාකර පු වේග පන්දු යවන්නෙකි. ලෝක ප්‍රචලිත පන්දු යවන බල ඇණියක් වූ රොබට්ස්, හෝල්ඩින්ග්, ගාර්නර්, ක්රෝෆ්ට්, මාෂල් වැන්නන් ගේ සමකාලිනයෙකි. එම පන්දු යවන්නන් අතරින් භයානකම පන්දු යවන්නා වුයේ සිල්වෙස්ටර් ක්ලාර්ක් ය. පිතිකරුවන් බිරාන්ත කරන ලෝකයේ බිහිවූ පන්දු යවන්නන් ගෙන් කෙනකි. ඩේවිඩ් ගවර්, වෝ වැන්නවුන් මොහුව හදුන්වා තිබෙන්නේ ඔවුන් මුහුණ දුන් වේගවත්ම පන්දු යවන්නා ලෙසයි. සර් විවියන් රිචාර්ඩ්ස් පවසා සිටියේ ඔහුව අපහසුතාවයට පත් කල එකම පන්දු යවන්නා සිල්වෙස්ටර් ක්ලාර්ක් බවයි.
ක්ලාර්ක් ඔහුගේ වේගය උපයොගී කරමින් කෙටි පන්දු යැවීමට කවදාවත් පසුබට වුයේ නැත. දිනක් විනිසුරු ක්ලාර්ක්ට අවවාද කළේ ඕනවට වැඩිය කෙටි පන්දු යැවීම හේතුවෙනි. විනිසුරු දෙසට හැරුණු ක්ලාර්ක් පවසා සිටියේ මෙහි කාන්තාවන් ක්‍රීඩා නොකරන බවයි. ඔහුගේ කෙටි පන්දු කෙතරම් භයානකද කිවහොත් එය පිතිකරුගේ විකට්ටුවට පමණක් නෙව ඔහුගේ ජිවිතයට පවා තර්ජනයක් විය. ක්ලාර්ක්ට ඔහුටම ආවේනික වූ පන්දුවක් තිබිණ. පිට ඉන්නට ඈතින් පතිතවෙන බවුන්සර් පන්දුව පිතිකරුගේ හිස දෙසට සීම් කිරීමය.
නමුත් ඔහු ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 11ක් පමණි. එයට හේතු ලෙස අබාධ සහ අනෙක් ක්‍රීඩකයන් ගෙන් තිබු තරගය හැදින්විය හැකිය. ඔහු දකුණු අප්‍රිකානු තහනම් සංචාර වලට සහභාගී වී ක්‍රිකට් ක්‍රීඩාවෙන් නෙරපා දැමිය. ටෙස්ට් තරග 11 දි කඩුලු 42ක් සාමාන්‍ය 27.85 ක් ලබා ගැනීමට ක්ලාර්ක් සමත් විය. එය දකුණු ආසියානු මන්දගාමී තණතීරු වල විම විශේෂයි. එක්දින කඩුලු 13ක් තරග 10කදි දවාගෙන ඇත්තේ සාමාන්‍ය 18.84 ක් රදවා ගනිමින්ය. පළමුපෙළ තරග වලදී කඩුලු 942ක් සාමාන්‍ය 19.52 කඩුලු 5ක් දවාගත් අවස්ථා 59ක් හා 10ක් දවාගත් අවස්ථා 10ක් ඇත. ක්ලාර්ක් 1999 වසරේ හර්දයාබාදයක් හේතුවෙන් මිය යන විට 44 වන වියේ පසුවිය.
-------------------------------------------------------------------------------------------------------
Sylvester Clarke
A tall West Indies fast bowler who played in the same era as Roberts, Holding, Garner, Croft and Marshall was the most menacing of all these bowlers. One of the most intimidating bowlers the game has ever seen. Clarke was described by the likes of David Gower and Waugh as the fastest bowler they have ever faced and admitted by Great Sir Vivian Richards as the only bowler whom he felt uncomfortable against.
Clarke who had sheer pace was never shy of bowling bouncers. He was once warned by the umpire for bowling excessive bouncers and he turned and replied “This no ladies game man”. His bouncers were lethal which threatened not only batsmen’s wickets but also their lives. Clarke was known for bowling a unique delivery, a bouncer which pitched way outside off and came back to hit batsman on the face.
Yet he played only 11 tests mostly due to competition from his team mates and few injuries over the years. He participated in the rebel tours to South Africa and got banned from international cricket. He has picked up 42 wickets at 27.85 9 of which he played in subcontinent and 13 wickets in 10 ODIs played at 18.84. In first class cricket he has 942 wickets at 19.52 with 59 five wicket hauls and 10 ten wicket hauls. Clarke passed away at the age of 44 due to a heart-attack in 1999.

0 comments:

Join and play IPL fantasy