Wasim Jaffar

★★ WASTED TALENTS ★★

Article 3 - Wasim Jaffar

Wasim Jaffar
වැරදි කාලයක වැරදි රටක ඉපදුනු ගණයට අයත් වන තවත් එක් අවාසනාවන්ත ක්‍රීඩකයෙකු වන Wasim Jaffar පළමු පෙළ තරඟ වාර්තාව ලකුණු 16823ක් සහ සාමාන්‍ය 50.97ක් සමගින් අර්ධ ශතක 81කට සහ ශතක 51 ක් හිමිකම් කියන අග්‍රගන්‍ය පිතිකරුවෙකි. Wasim Jaffar ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 31 කට ක්‍රීඩා කල නමුත් ඔහුට එම අවස්ථා වලින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි විය. ඔහුගේ අන්තර්ජාතික ටෙස්ට් දිවියේ ශතක 5ක් සමගින් සාමාන්‍ය 34.10ක් වැනි අගයක පවතී.
ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් කර නැවත 2006දි Jaffar කණ්ඩායමට කැඳවූ අවස්ථාවේදී ඔහු එංගලන්තය එරෙහිව ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කලේ ය. එයින් නොනැවතී Jaffar එම වර්ෂයේ අග භාගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමට එරෙහිව ද්විත්ව ශතකයක් ද ලබාගත්තේය. නමුත් ඉන්දීය කණ්ඩායමට තෝරාගැනීමට ඇති තරඟකාරීත්වය නිසාම Jaffarට දිගුකල් කණ්ඩායමේ රැඳීසිටීමට නොහැකි විය.

ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් කෙරුනද Jaffar තමාගේ දක්ෂ පිතිහරඹය ඉන්දීය දේශීය තරඟාවලි වලදී මනාව පෙන්විය.
2008-09 Ranji කුසලාන තරඟාවලියේදී Jaffar ලකුණු 1260 වාර්තා කළේය. ඔහුගේ සාමාන්‍ය 84ක් ලෙස සටහන් විය. එම ලකුණු 1260 අතරේ ත්‍රිත්ව ශතකයක් ද විය. තවද Jaffar මුම්බායි කණ්ඩායමේ නායකත්වය දරමින් 38 සහ 39 වන ශුරතාවයන් මුම්බායි කණ්ඩායමට අත්කර දුන්නේය. 2010 Duleep Trophy තරඟාවලියේදී West Zone's කණ්ඩායම නියෝජනය කරමින් 16 වන ශුරතාවය ඔවුන්ට අත්කර දීමට මුලික විය.

Jaffar දේශිය තරඟ වල අද්විතීය වාර්තාවකට හිමිකම් කියයි. ඒ ඉන්දියානු දේශීය තරඟාවලි 3හිම වැඩිම ලකුණු වාර්තා කර ඇති ක්‍රීඩකයා ලෙසට ය. (Ranji-9155,Duleep-2534,Irani-1008)  එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟ නොකර පළමු පෙළ තරඟාවලි වලදී වැඩිම ශතක ලාභින්ගේ ලැයිස්තුවේ Jaffar 11වන ස්ථානයේ සිටී.
තමාගේ දෙවන පළමු පෙළ තරඟයේදීම ත්‍රිත්ව ශතකයක් වාර්තා කල ක්‍රීඩකයෙක් වන Jaffar ගෙන් ඉතා විශාල සේවයක් බලාපොරොත්තු වූ නමුත් ඔහුට එය ඉටුකර ගැනීමට නොහැකි වුයේ ඉන්දීය කණ්ඩායමට ඇතුලත් වීමට ඇති විශාල තරඟකාරීත්වය නිසාය.
----------------------------------------------------------------------------------------------------------------------------------
Wasim Jaffar
One of those wrong country wrong era players Jaffar has scored mind blowing 16823 first class runs at an average of 50.97 with 51 centuries and 81 half centuries. Jaffar who played 31 tests for India did't quiet grab his chances averaging just a mere 34 with 5 centuries. After being dropped from the side he made most of the chances given on his return against England in 2006 scoring his maiden test century and followed it up with a double ton against West Indies later that year. However Due to severe competition in India Jaffar didn't last long in the team.
Though he was dropped from the national team he continued to pile up runs at Domestic level. In 2008-09 Ranji season, he scored 1260 runs at 84, including a triple-century. He also captained Mumbai to their 38th and 39th Ranji title, as well as overseeing West Zone's 16th Duleep Trophy success in early 2010.
Jaffar holds a unique record in Domestic Cricket. That is being the
highest run scorer in all three tournaments of Indian first class cricket. (Ranji-9155,Duleep-2534,Irani-1008) Jaffar is 11th on the list of most century makers in 1st class cricket who have never played English County Championship.

As somebody who scored a triple-century in just his second first class match a lot was expected in coming years but failed to make a point at international level due to competition.

0 comments:

Join and play IPL fantasy